මූණු දාන, මූණු දාගන්න පොත Facebook

පොතට පොතක් නැත මෙහෙම පොතක් නැත....

මේ පොත නැති කෙනෙක් ඉන්නවද මන්දා.
පුදුම වැඩේ කියන්නෙ මේ පොත මළවුන් පවා පාවිච්චි කරන එකනෙ :-D
අනිත් වැඩේ තමයි එකා මේ පොතේ පිටපත් පහ හය තියන් ඉන්නෙක. ඒ කිව්වෙ එක පොතකට එක මූණක් තව පොතකට තව මූණක් වගේ පොත් ගානට මූණු :-P
එහෙම පොත් දාන්නැති කෙනෙකුත් ඉන්නවද මන්දා ;-)
මේ පොතත් හරියට ඇලිස්ගේ විස්මලන්තය වගේ.
පොත ගැන ප්‍රවීණත්වය ලැබුවට පස්සෙ මේ පොත අතේ තියන නෙල්ලි ගෙඩියක් ගානට සුළු වෙනවා.

ඊටපස්සෙ මේක මගඇරල යන්න ඕනි වෙනවා.
ඒ හින්දා මේකට ආඩපාලි කියනවා.
පොත හදපු එකාටත් දෙහි කපනවනෙ :-D

ඒත් යක්සම වැඩේ කියන්නෙ ඔය මොනවා දෙසාබෑවත් අන්තිමේ මේ පොත දාලා යන්න බැරි වීමයි :-P

Posted by වැට උඩ සිට ලියමි | at 2:57 AM | 1 comments

හිතීමේ චමත්කාරය

මේ තරම් ප්‍රීතිමත් වැඩක් තවත් නෑ මටනම්. එක තැනකට වෙලා උඩ බලාගෙන හරි කොහේ හරි බලාගෙන හිතන්නත් පුළුවන්. ඒත් ඒකට බාධා එමටයි. ගෙදර අය කියයි වැඩක් නොකර උඩ බලන් ඉන්නෙපා කියල. ඔල්මාදෙද කියලත් හිතයි. වෙන අයත් ඊට වැඩි යමක් හිතන එකක් නෑ.

මේ හින්ද තමයි මං පොල් ගාන්නත්, පොල් මිරිකන්නත්, හොදි ඒදන්නත්, හොදි හැඳිගාන්නත්, මිදුල අතුගාන්නත්, ගේ අතුගාන්නත්..... කැමති :-P මේ අතරෙ මට කාටත් නොපෙනී කොච්චර හිතන්න පුළුවන්ද. ඒ හිතපුව කොළ වල ලියන්න ගියොත් හරි කටින් කියන්න ගියොත් හරි පැය ගාණක් යයි.

ඒත් පැය කාලකට විනාඩි පහකට මං සාගරයක් තරමට හිතලා.
සමහර වෙලාවට හිතන්න තියන පෙරේත කමට මං පොල් ගාන්න වෙලා ගන්නවා. හිමින් මිදුල අතුගානවා. ඒත් කවුරුවත් මුකුත් කියන්නැහැ. ඒ මොකෝ මං වැඩ කරනවනෙ. ඔන්න මගේ හැටි.

Posted by වැට උඩ සිට ලියමි | at 2:27 AM | 1 comments