හිතීමේ චමත්කාරය

මේ තරම් ප්‍රීතිමත් වැඩක් තවත් නෑ මටනම්. එක තැනකට වෙලා උඩ බලාගෙන හරි කොහේ හරි බලාගෙන හිතන්නත් පුළුවන්. ඒත් ඒකට බාධා එමටයි. ගෙදර අය කියයි වැඩක් නොකර උඩ බලන් ඉන්නෙපා කියල. ඔල්මාදෙද කියලත් හිතයි. වෙන අයත් ඊට වැඩි යමක් හිතන එකක් නෑ.

මේ හින්ද තමයි මං පොල් ගාන්නත්, පොල් මිරිකන්නත්, හොදි ඒදන්නත්, හොදි හැඳිගාන්නත්, මිදුල අතුගාන්නත්, ගේ අතුගාන්නත්..... කැමති :-P මේ අතරෙ මට කාටත් නොපෙනී කොච්චර හිතන්න පුළුවන්ද. ඒ හිතපුව කොළ වල ලියන්න ගියොත් හරි කටින් කියන්න ගියොත් හරි පැය ගාණක් යයි.

ඒත් පැය කාලකට විනාඩි පහකට මං සාගරයක් තරමට හිතලා.
සමහර වෙලාවට හිතන්න තියන පෙරේත කමට මං පොල් ගාන්න වෙලා ගන්නවා. හිමින් මිදුල අතුගානවා. ඒත් කවුරුවත් මුකුත් කියන්නැහැ. ඒ මොකෝ මං වැඩ කරනවනෙ. ඔන්න මගේ හැටි.

Posted by වැට උඩ සිට ලියමි | at 2:27 AM

1 comments:

said...

මහා කම්මලියෙක්

Post a Comment