මූණු දාන, මූණු දාගන්න පොත Facebook

පොතට පොතක් නැත මෙහෙම පොතක් නැත....

මේ පොත නැති කෙනෙක් ඉන්නවද මන්දා.
පුදුම වැඩේ කියන්නෙ මේ පොත මළවුන් පවා පාවිච්චි කරන එකනෙ :-D
අනිත් වැඩේ තමයි එකා මේ පොතේ පිටපත් පහ හය තියන් ඉන්නෙක. ඒ කිව්වෙ එක පොතකට එක මූණක් තව පොතකට තව මූණක් වගේ පොත් ගානට මූණු :-P
එහෙම පොත් දාන්නැති කෙනෙකුත් ඉන්නවද මන්දා ;-)
මේ පොතත් හරියට ඇලිස්ගේ විස්මලන්තය වගේ.
පොත ගැන ප්‍රවීණත්වය ලැබුවට පස්සෙ මේ පොත අතේ තියන නෙල්ලි ගෙඩියක් ගානට සුළු වෙනවා.

ඊටපස්සෙ මේක මගඇරල යන්න ඕනි වෙනවා.
ඒ හින්දා මේකට ආඩපාලි කියනවා.
පොත හදපු එකාටත් දෙහි කපනවනෙ :-D

ඒත් යක්සම වැඩේ කියන්නෙ ඔය මොනවා දෙසාබෑවත් අන්තිමේ මේ පොත දාලා යන්න බැරි වීමයි :-P

Posted by වැට උඩ සිට ලියමි | at 2:57 AM

1 comments:

said...

ඔය පොත නම් මාර පොතක් තමා මාත් බැන බැන ඉන්නවනේ පොතේම එල්ලිලා

Post a Comment